Friday, March 23, 2018

පියුමි හංසමාලි ඉන්දියාවත් හොල්ලන්න පටන් අරගෙන

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ නිරන්තරයෙන් කථා බහට ලක්වන චරිතයක්.පසුගිය දිනවල ඇය පිළිබඳව ආරංචි වුණ අළුත්ම ආරංචිය වුණේ පියුමි ඉන්දීය චිත්‍රපටයක රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි.ජැක්සන් ඇන්තනී මහතා සමඟ මෙම චිත්‍රපටය සඳහා දායක වීමට ඇය මේ වෙනකොට ඉන්දියාව බලා පිටත්ව ගිහිල්ලයි තියෙන්නේ.



මේ දිනවල ඇය එහි රෑගත කිරීම් සඳහා බොහොම කැපවෙලා වැඩ කරන බවක් තමයි දැනගන්න තියෙන්නේ.සමාජ ජාල තුළ ඇයට හිමි අසීමිත ජනප්‍රිය නිසාලු පියුමිව මෙහි අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය සඳහා යොදාගෙන තියෙන්නේ.කොහොම හරි ඇය ආරම්භ කරපු අළුත්ම ගමන සාර්ථක වෙන්න කියලා අපි සුභ පතනවා.


වැගන් R ගන්න හිටිය අපේ අයට වෙන්න යන වැඩේ මෙන්න

පසුගිය කාල සීමාව තුළ රුපියලෙහි අගය අවප්‍රමාණය වීම නිසා ජපන් යෙන් ඒකකයක මිල සීඝ්‍ර ලෙස ඉහළ ගියා.ඒ හේතුවෙන් ජපානයෙන් මෙරටට ආනයනය කරන වාහනවල මිලද ඉදිරියේදි ඉහළ යන බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.මේ හේතුවෙන් සුසුකි වැගන් ආර් හා විට්ස් වැනි කුඩා මෝටර් රථ වල මිල රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇති බවට ඔවුන් අපේක්ෂා කරනවා.



පසුගිය අයවැය මඟින් එන්ජින් ධාරිතාව අනුව පැනවූ බදු හේතුවෙන් මෙම මෝටර් රථ වල මිල පහත වැටීම නිසා එම මෝටර් රථ සඳහා පැවතියේ වැඩි ඉල්ලුමකුයි.කෙසේ වෙතත් ඇතිව තිබෙන තත්වය සමඟ මෙම වාහන වල මිල පහළ අගයක පවත්වා ගැනීම අසීරු කරුණක් බවට පත්ව තිබෙනවා.දිගින් දිගටම යෙන් හී අගය ඉහළ ගියහොත් ජපන් වාහන ආනයනට සහ වෙළඳපොලට එය ඍජුව බලපෑම් එල්ල කරනවා.

හිටි හැටියෙම මාලිංග අමුතු විදියේ වැඩක් කරේ ඇයි


ලසිත් මාලිංග කියන සුපිරි ක්‍රීඩකයා පිළිබඳව සමාජය තුළ නිරන්තරයෙන් කතා බහ ඇතිවෙනවා.ඔහුගේ ක්‍රීඩා දිවිය පිළිබඳව වගේම නොයෙකුත් හැල හැප්පීම් පිළිබඳවත් අපිට පහුගිය ටිකේ අහන්නට ලැබුණා.ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථානය පසුගිය වකවානුව තුළ අහිමි වීම නිසා ලසිත්  හිටියේ ටිකක් කණස්සල්ලෙනුයි.ඔහුට ආදරය කරන ගොඩක් ක්‍රීඩාලෝලින් ඔහු කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව විරෝධය දක්වනවා.

මේ විදියට ඉන්න මාලිංගගෙන් ටිකක් අමුතු විදියේ වැඩක් වුණා කියලා අපිට දැනගන්නට ලැබුණා.ඒ රත්නපුර කුරුවිට විහාරස්ථානයකදී සිසුන් 300 කට වැඩි පිරිසකට අවශ්‍ය පාසල් උපකරණ ආදිය පරිත්‍යාග කිරීමට මාලිංග කටයුතු කිරීමයි.එසේ ත්‍යාග ලබාගත් බොහෝ පිරිසක් සමෘද්ධිලාභි පවුල් වල අඩු පහසුකම් සහිත පවුල් වල සිටින දරුවන් වීම විශේෂත්වයක්.




මීට අමතරව හොරණ ප්‍රදේශයේ දහම් පාසලක් ඉදිකිරීමට මාලිංග විසින් සිය පෞද්ගලික මුදල් යොදවා තිබෙනවා.අංග සම්පූර්ණ ගොඩනැඟිලි සහ අනෙකුත් පහසුකම් වලින් යුක්තව ඉදිකරන මෙම දහම් පාසල නුදුරේදිම වැඩ අවසන් කළ හැකි බව ආරංචි වනවා.බොහෝ මිනිසුන් මෙවැනි කටයුතු මඟහරින යුගයක මාලිංග වැනි පුදගලයෙකුගෙන් සිදුවන මෙම සමාජ මෙහෙවර පැසසිය යුතු කරුණක්.