Friday, December 21, 2018

එජාප ආණ්ඩුව අවේ නැත්තම් රාජ්‍ය සේවකයන්ට පඩිත් නැතිලු මංගල සමරවීර



ඉන්ධන මිල සූත්‍රය වත්මන් ආණ්ඩුව තුළ යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.සිය අමාත්‍ය ධූරයේ වැඩ බාරගනිමින් එම අවස්ථාවේදි ඒ මහතා මේ බව සඳහන් කළේය.

දෙසැම්බර් 16 දින යළිත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව අද දින දිව්රුම් දෙන ලද අමාත්‍ය මණ්ඩලය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මංගල සමරවීර මහතා විසින් 2019 වසරේ මුල් මාස හතරේ රාජ්‍ය වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම ඊයේ දින රැස්වූ නව රජයේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබේ.

එමඟින් 2019 වසරේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කර ඇති අතර ඉන් රුපියල් බිලියල 970ක් ණය සේවාකරණය (පොලී සහ වාරික) වෙනුවෙන් වෙන් කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයක් පත් කිරීමට නොහැකි වූයේ නම් 2019 වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවයේ වැටුප් හා පඩි ගෙවීම ඇතුළුව පොහොර සහනාධාරය, පාසල් නිල ඇඳුම්, සමෘද්ධි සහනාධාරය සහ සියලු සුබ සාධන කටයුතු සිදු කිරීමට අවස්ථාවක් නොමැති වීමට ඉඩ තිබුණු බවද අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.



Sunday, December 16, 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කනපිට පෙරළයි මාලිංගට දික්වැල්ලට වගකීම් ගොන්නක්



නව තේරිම් කමිටුව පත්වීමත් සමඟ තවත් පුදුමය උපදවන සුලු පුවතක් අද අසන්නට ලැබුණා.ඒ ශ්‍රී ලංකා පිළෙහි නවසීලන්ත තරඟ සංචාරයේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට ජේෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංගව පත් කිරීමයි.එහි උපනායකත්වය හිමිව ඇත්තේ කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හටයි.ඒ අනුව එක්දින නායක දිනේෂ් චන්දිමාල් සහ විස්සයි විස්ස නායක තිසර පෙරේරාගේ නායකත්වය අවසන් වනු ඇති.මෙම සංචිතයේ සෙසු ක්‍රීඩකයින් වන්නේ,


ලසිත් මාලිංග (නායක)
නිරෝෂන් දික්වැල්ල (උප නායක)
ඇන්ජලෝ මැතිව්ස් 
ධනුෂ්ක ගුණතිලක 
කුසල් පෙරේරා
දිනේෂ් චන්දිමාල් 
අසේල ගුණරත්න 
කුසල් මෙන්ඩිස් 
දනංජය ද සිල්වා
තිසර පෙරේරා
දසුන් ශානක
සීක්කුගේ ප්‍රසන්න
ලක්ෂාන් සඳකැන්
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
නුවන් ප්‍රදීප්
ලහිරු කුමාර





ආසියාවේ කලු සිංහයා ලක්මව රනින් බබලවයි


Sunday, April 8, 2018

කූඹියෝ ජෙහාන් හා දෙවෙනි ඉණිමේ දෙව්මි සම්මාන ලබයි



බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත සම්මාන උළෙලක් තමයි රයිගම් ටෙලි සම්මාන උළෙල කියලා කියන්නේ.2017 වසරේ මෙරට ටෙලි නාට්‍ය කලාවේ දක්ෂයින් වෙනුවෙන් පිදෙන සම්මාන රාත්‍රිය ඊයේ දිනයේදි නෙළුම් පොකුණ රඟහළේදි පැවත්වුණා.එහිදි මෙරට ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් වැළඳගත් ටෙලි නාට්‍ය වලට වගේම රංගන ශිල්පීන්ටත් සම්මාන හිමිවුණා.

එහිදි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් සම්මානයක් වුණු වසරේ ජනප්‍රියම නළුවා සම්මානය හිමිවුණේ කූඹියෝ කථා මාළාවේ ජෙහාන්ගේ චරිතයට පණ පෙවූ තුමිඳු දොඩතැන්නටයි.එහි අනෙක් සම්මානය වන ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනාගනු ලැබුවේ දෙවෙනි ඉණිමේ නාට්‍යේ දෙව්මිගේ චරිතය රඟදක්වන නයනතාරා වික්‍රමආරච්චි ශිල්පිණියයි.

එසේම වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ලබාගත්තේ මහේන්ද්‍ර පෙරේරා කළාකරුවාණන් වන අතර හොඳම නිළිය ලෙස නදී කම්මැල්ලවීර සම්මාන හිමි කර ගත්තා.වසරේ හොඳම ටෙලි නාට්‍ය ලෙසට කිරුළ හිමිකර ගත්තේ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ කූඹියෝ ටෙලි නාට්‍යයයි.

පන්ජාර විජ්ජු නාඩන්න කුන්ජු වීඩීයෝවේ සැඟවුණු කථාව


අන්තර්ජාලය පුරා කාලයෙන් කාලයට ලෝකය පුරා විවිධ වීඩීයෝ ජනප්‍රිය වීම මේ වනකොට පුරුද්දක් වගේ වෙලා තියෙනවා.ඒ වගේ මේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වෙච්ච වීඩියෝවක් තමයි,පන්ජාර විජ්ජු නාඩන්න කුන්ජු කියන වීඩියෝ පටය.එහි එක්තරා කාන්තාවක් විසින් කුඩා දියණියකට නිවැරදිව වචන උච්චාරණය කිරීමට පුරුදු කරන ආකාරයත්,කුඩා දියණියට එය නිවැරදිව කීමට නොහැකි වන අයුරුත් දැක්වෙනවා.මේ වීඩියෝ පටය සමාජ ජාල පුරා සීඝ්‍රයෙන් පැතිරුණු නිසා මේ වීඩියෝ පටයේ සුළමුල අපි හොයා බැලුවා.

මෙහි සිටින කාන්තාව ඉන්දියාවේ මලයාලම් නිළියක වන ගයත්‍රි අරුන් වන අතර කුඩා දරුවා ඇගේ දියණියයි.ඇය ඉන්දියාව පුරා ජනප්‍රිය කාටූනයක කවියක කොටසකුයි මෙලෙස තම දියණියට පුරුදු කරන්න යන්නේ.ඇය මෙය වීඩියෝ ගත කර ඇඟේ සමාජජාල ගිණුමට ඇතුළත් කරලා තියෙනවා.ඒත් සමඟම නොහිතපු විදියේ ප්‍රතිචාර ප්‍රමාණයක් මේ වීඩියෝවට ලැබිලා තියෙනවා.

ඇඟේ සමාජජාල ගිණුමෙන් පමණක් එම වීඩියෝව මිලියන 3.3 කට වැඩි පිරිසක් නරඹලා තියෙනවා.ඒ වගේම එම වීඩියෝව අනුකරණය කරමින් ලොව පුරා වීඩියෝ පට රාශියක් මේ වෙනකොට නිර්මාණය කරලා අන්තර්ජාලයට එක් කරලා තියෙනවා අපිට දකින්න ලැබෙනවා.

වෙසක් සහ පොසොන් එකට තොරණ් ප්‍රදර්ශනය තහනම්?




වෙසක් සහ පොසොන් පෝය දිනයන් කියන්නේ මෙරට බෞද්ධයන්ට සුවිශේෂී වූ පොහොයන් දිනයන් වනවා.මෙම පොහොය දිනවල දන්සැල්,තොරණ සහ පහන් කූඩූ ආදිය සංවිධානය කිරීමට බෞද්ධයන් කටයුතු කරනු ලබනවා.නමුත් ඉදිරියේදි එම දින දෙක තුළ තොරණ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බවට වාර්ථා පලවුණා.

මෙම වැදගත් පොහොය දින දෙකේදි පවා බෞද්ධයන් පන්සල් වලට නොපැමිණීම නිසා එම දින දෙක තුළ තොරණ ප්‍රදර්ශනය තහනම් කළ යුතු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා පැවති උත්සවයකදි සඳහන් කර තිබුණා.ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු බවත්,පොහොය දිනයෙන් පසුව තොරණ් ප්‍රදර්ශනය කළ යුතු බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණා.

මේ පිළිබඳව සමාජය තුළ කතා බහක් ඇති වීමත් සමඟ ඒ සම්බන්ධ මාධ්‍ය නිවේදනයක් ඊයේ රජය විසින් නිකුත් කර තිබුණා.ඒ මෙතෙක් එලෙස පොහොය දින තොරණ තහනමට නීතී සම්පාදනය කර නැති බවත් එලෙස සිදු කිරීම යෝග්‍ය යැයි යෝජනා වී ඇති බවත් දක්වමිනුයි.

LPL තරඟ ඇරඹෙයි පළමු කස පහර රසල් ආනොල්ඩ්ගෙන්


ක්‍රිකට් කියන්නේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා බැඳිච්ච අපූරූ ක්‍රීඩාවක්.ජාත්‍යන්තර ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන මේ පුංචි රට ලෝකයේ ඉහළින් ඔසවා තබන්න ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණේ විශාල පිටුවහලක්.එහි තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස විදෙස් ක්‍රීඩකයින්ගේද සහභාගිත්වය සහිතව දේශිය විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට මෙරට ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට පසුගිය කාලයේ වාර්ථා පළවුණා.

එම වාර්තා තහවුරු කරමින්,පැවැත්වීමට නියමිත LPL තරඟාවලියේ අධ්‍යක්ෂක ධූරය හිටපු ක්‍රිකට් ක්‍රීඩක වගේම,වත්මන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනොල්ඩ් මහතා හට  පිරි නමා තිබෙනවා.LPL තරඟාවලියේ ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ අගෝස්තු 18 වනදා වන අතර එය සැප්තැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.එළඹෙන වසර 5 සඳහාම මෙම පත්කිරීම සිදුකර ඇති බව අපට දැනගන්නට ලැබෙනවා.








මීට පෙර මෙරටදී SLPL නමින් මෙවැනි තරඟාවලියක් ආරම්භ කළද පළමු අදියරේදිම එහි ඇතිවූ මූල්‍යමය අර්බුධ හේතුවෙන් නැවත එම තරඟාවලිය පැවැත්වීමට හැකිවුණේ නැහැ.මෙවර තරඟාවලියේ විකාශන අයිතීන් සහ ක්‍රීඩක වෙන්දේසිය ඉදිරි කාල සීමාව තුළ සිදුකිරීමට නියමිතයි.



ජෙහාන් වෙඩින් එකේදි ගහපු ගේම් එක


කූඹියෝ කථා මාළාව අවසන් වෙලා තිබුණත්,රසිකයින්ගේ සිත් වල සදාකාලික මතකයක් ඉතිරි කරන්න සමත් වෙච්ච අපූරූ කථා මාළාවක් විදියට එම නාට්‍ය හඳුන්වන්න පුළුවන්.පසුගියදා පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලෙදි පසුගිය වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය ලෙස හිමිකම් කීවේද කූඹියෝ නාට්‍යයි.එහි ජෙහාන්ගේ චරිතයට පණ පෙවූ තුමිඳු දොඩම්තැන්න වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය ලබාගත්තා.


මෙරට ටෙලි සිනමාව වෙනස්ම මඟකට යොමුකළ මෙම කථා මාලාවට වගේම එහි නළු නිළියන්ටත් ලැබුණේ ඉහළ ජනප්‍රියත්වයකුයි.එහි ප්‍රධාන චරිතය රඟපෑ තුමිඳු කියන්නෙත් ඒ අතරින් කෙනෙක්.අපි අද මෙලෙස ඔබට ගෙන එන්නේ තුමිඳුගේ විවාහ උත්සවයෙදි ලබාගත්ත ඡායාරූ එකතුවකුයි.





අපේ රටට ආපූ සුද්දෝ ටිකක් කරපු අමුතු වැඩක්



ශ්‍රී ලංකාව කියන්නේ අතීතයේ ඉදන්ම විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයට ලක්වෙච්ච රටක්.වර්තමානයෙදිත් සංචාරක ශේත්‍රය මඟින් මෙරට ආර්ථිකයට ලබාදෙන්නේ විශාල පිටුවහලක්.ඔය විදියට අපේ රටට එන විදේශිකයෝ විවිධාකර දේවල් කරනවා.සමහරු හොඳ දේවල් වගේම අකටයුතුකම් වල නිරත් වුණු අය ගැනත් අපට දැනගන්න ලැබෙනවා.අපි මේ කියන්නේ ඒ වගේ අපෙ රටට අපූවිදේශිකයෝ කාණ්ඩයක් කරපු යහපත් ක්‍රියාවක් ගැනයි.

ඔවුන් මෙරට බණ්ඩාරවෙල මහමෙව්නා අසපුවේ අළුතෙන් ඉදිවෙන කොටසේ වැඩකටයුතු සඳහා සිය ශ්‍රම දායකත්වය ලබාදී තිබුණා.මෙරට බුදු දහම පිරිහෙනින් යන කාල වකවානුවක එම විදේශිකයන් ලබාදුන් දායකත්වය පිළිබඳව බොහෝ දෙනා අගය කරනවා.





Friday, April 6, 2018

සුපිරි නළු සල්මන් ඛාන් වසර 5 සිරගෙට නියම වුණු කථාවේ සත්‍ය



බොලිවුඩ් වල සුපිරි රංගධරයෙකු වන සල්මන් ඛාන් හට ඊයේ දිනයෙදි වසර 5 සිර දඬුවම් හිමිවුණා.ඒ 1998 වසරේදි චිත්‍රපටයක් රූගත කරන අතරතුර කළු මුවන් දෙදෙනෙක් මරා දැමීම හේතුවෙනුයි.රාජස්ථාන් ප්‍රාන්තයේ ජෝද්පූර් අධිකරණයේ වසර ගණනාවක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව අනුව වසර පහක සිර දඬුවම මෙන්ම ඉන්දීය රුපියල් දස දහසක දඩයක් සල්මන් හට හිමිවුණා.

මරා දමන ලද මුවන් සීඝ්‍රයෙන් වඳවී යන ඉතා දුර්ලභ සත්ව කොට්ඨාශයක් වීම හේතුවෙන් සල්මන් හට මෙම දඩුවම ලැබුණු බව එරට මාධ්‍ය සඳහන් කරනවා.සිද්ධියට සම්බන්ධ බවට සල්මන් ඛාන්ට අමතරව සයිෆ් අලී ඛාන්,තාබූ,සොනාලි සහ නීලම් යන නළු නිළියන්ටද චෝදනා එල්ලවී තිබුණා.කෙසේ වෙතත් ඊයේ ලැබුණු නඩු තීන්දුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීරණය කළා.

කෙසේවෙතත් මෙම තීන්දුව වෙනුවෙන් ඇප ඉල්ලුම් කිරීමට සල්මන් ඛාන්ට හැකි බව මාධ්‍ය වාර්ථා වල සඳහන්.එසේම මෙම නඩු තීන්දුව ලබාදුන් ජෝද්පූර් අධිකරණයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇත්තේ මෙම අධිකරණ තීන්දුවට එරෙහිව ජනතාව ප්‍රචණ්ඩකාරීව හැසිරේ යැයි ලැබුණු තොරතුරු මතයි.



Friday, March 23, 2018

පියුමි හංසමාලි ඉන්දියාවත් හොල්ලන්න පටන් අරගෙන

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ නිරන්තරයෙන් කථා බහට ලක්වන චරිතයක්.පසුගිය දිනවල ඇය පිළිබඳව ආරංචි වුණ අළුත්ම ආරංචිය වුණේ පියුමි ඉන්දීය චිත්‍රපටයක රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි.ජැක්සන් ඇන්තනී මහතා සමඟ මෙම චිත්‍රපටය සඳහා දායක වීමට ඇය මේ වෙනකොට ඉන්දියාව බලා පිටත්ව ගිහිල්ලයි තියෙන්නේ.



මේ දිනවල ඇය එහි රෑගත කිරීම් සඳහා බොහොම කැපවෙලා වැඩ කරන බවක් තමයි දැනගන්න තියෙන්නේ.සමාජ ජාල තුළ ඇයට හිමි අසීමිත ජනප්‍රිය නිසාලු පියුමිව මෙහි අධ්‍යක්ෂකවරයා චිත්‍රපටය සඳහා යොදාගෙන තියෙන්නේ.කොහොම හරි ඇය ආරම්භ කරපු අළුත්ම ගමන සාර්ථක වෙන්න කියලා අපි සුභ පතනවා.


වැගන් R ගන්න හිටිය අපේ අයට වෙන්න යන වැඩේ මෙන්න

පසුගිය කාල සීමාව තුළ රුපියලෙහි අගය අවප්‍රමාණය වීම නිසා ජපන් යෙන් ඒකකයක මිල සීඝ්‍ර ලෙස ඉහළ ගියා.ඒ හේතුවෙන් ජපානයෙන් මෙරටට ආනයනය කරන වාහනවල මිලද ඉදිරියේදි ඉහළ යන බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.මේ හේතුවෙන් සුසුකි වැගන් ආර් හා විට්ස් වැනි කුඩා මෝටර් රථ වල මිල රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇති බවට ඔවුන් අපේක්ෂා කරනවා.



පසුගිය අයවැය මඟින් එන්ජින් ධාරිතාව අනුව පැනවූ බදු හේතුවෙන් මෙම මෝටර් රථ වල මිල පහත වැටීම නිසා එම මෝටර් රථ සඳහා පැවතියේ වැඩි ඉල්ලුමකුයි.කෙසේ වෙතත් ඇතිව තිබෙන තත්වය සමඟ මෙම වාහන වල මිල පහළ අගයක පවත්වා ගැනීම අසීරු කරුණක් බවට පත්ව තිබෙනවා.දිගින් දිගටම යෙන් හී අගය ඉහළ ගියහොත් ජපන් වාහන ආනයනට සහ වෙළඳපොලට එය ඍජුව බලපෑම් එල්ල කරනවා.