Sunday, April 8, 2018

වෙසක් සහ පොසොන් එකට තොරණ් ප්‍රදර්ශනය තහනම්?




වෙසක් සහ පොසොන් පෝය දිනයන් කියන්නේ මෙරට බෞද්ධයන්ට සුවිශේෂී වූ පොහොයන් දිනයන් වනවා.මෙම පොහොය දිනවල දන්සැල්,තොරණ සහ පහන් කූඩූ ආදිය සංවිධානය කිරීමට බෞද්ධයන් කටයුතු කරනු ලබනවා.නමුත් ඉදිරියේදි එම දින දෙක තුළ තොරණ ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බවට වාර්ථා පලවුණා.

මෙම වැදගත් පොහොය දින දෙකේදි පවා බෞද්ධයන් පන්සල් වලට නොපැමිණීම නිසා එම දින දෙක තුළ තොරණ ප්‍රදර්ශනය තහනම් කළ යුතු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පසුගියදා පැවති උත්සවයකදි සඳහන් කර තිබුණා.ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතු බවත්,පොහොය දිනයෙන් පසුව තොරණ් ප්‍රදර්ශනය කළ යුතු බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කර තිබුණා.

මේ පිළිබඳව සමාජය තුළ කතා බහක් ඇති වීමත් සමඟ ඒ සම්බන්ධ මාධ්‍ය නිවේදනයක් ඊයේ රජය විසින් නිකුත් කර තිබුණා.ඒ මෙතෙක් එලෙස පොහොය දින තොරණ තහනමට නීතී සම්පාදනය කර නැති බවත් එලෙස සිදු කිරීම යෝග්‍ය යැයි යෝජනා වී ඇති බවත් දක්වමිනුයි.

No comments:

Post a Comment