Sunday, April 8, 2018

LPL තරඟ ඇරඹෙයි පළමු කස පහර රසල් ආනොල්ඩ්ගෙන්


ක්‍රිකට් කියන්නේ බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත හා බැඳිච්ච අපූරූ ක්‍රීඩාවක්.ජාත්‍යන්තර ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන මේ පුංචි රට ලෝකයේ ඉහළින් ඔසවා තබන්න ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබුණේ විශාල පිටුවහලක්.එහි තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස විදෙස් ක්‍රීඩකයින්ගේද සහභාගිත්වය සහිතව දේශිය විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමට මෙරට ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට පසුගිය කාලයේ වාර්ථා පළවුණා.

එම වාර්තා තහවුරු කරමින්,පැවැත්වීමට නියමිත LPL තරඟාවලියේ අධ්‍යක්ෂක ධූරය හිටපු ක්‍රිකට් ක්‍රීඩක වගේම,වත්මන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනොල්ඩ් මහතා හට  පිරි නමා තිබෙනවා.LPL තරඟාවලියේ ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ අගෝස්තු 18 වනදා වන අතර එය සැප්තැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.එළඹෙන වසර 5 සඳහාම මෙම පත්කිරීම සිදුකර ඇති බව අපට දැනගන්නට ලැබෙනවා.








මීට පෙර මෙරටදී SLPL නමින් මෙවැනි තරඟාවලියක් ආරම්භ කළද පළමු අදියරේදිම එහි ඇතිවූ මූල්‍යමය අර්බුධ හේතුවෙන් නැවත එම තරඟාවලිය පැවැත්වීමට හැකිවුණේ නැහැ.මෙවර තරඟාවලියේ විකාශන අයිතීන් සහ ක්‍රීඩක වෙන්දේසිය ඉදිරි කාල සීමාව තුළ සිදුකිරීමට නියමිතයි.



No comments:

Post a Comment