Friday, April 6, 2018

සුපිරි නළු සල්මන් ඛාන් වසර 5 සිරගෙට නියම වුණු කථාවේ සත්‍ය



බොලිවුඩ් වල සුපිරි රංගධරයෙකු වන සල්මන් ඛාන් හට ඊයේ දිනයෙදි වසර 5 සිර දඬුවම් හිමිවුණා.ඒ 1998 වසරේදි චිත්‍රපටයක් රූගත කරන අතරතුර කළු මුවන් දෙදෙනෙක් මරා දැමීම හේතුවෙනුයි.රාජස්ථාන් ප්‍රාන්තයේ ජෝද්පූර් අධිකරණයේ වසර ගණනාවක් විභාග වූ මෙම නඩුවේ තීන්දුව අනුව වසර පහක සිර දඬුවම මෙන්ම ඉන්දීය රුපියල් දස දහසක දඩයක් සල්මන් හට හිමිවුණා.

මරා දමන ලද මුවන් සීඝ්‍රයෙන් වඳවී යන ඉතා දුර්ලභ සත්ව කොට්ඨාශයක් වීම හේතුවෙන් සල්මන් හට මෙම දඩුවම ලැබුණු බව එරට මාධ්‍ය සඳහන් කරනවා.සිද්ධියට සම්බන්ධ බවට සල්මන් ඛාන්ට අමතරව සයිෆ් අලී ඛාන්,තාබූ,සොනාලි සහ නීලම් යන නළු නිළියන්ටද චෝදනා එල්ලවී තිබුණා.කෙසේ වෙතත් ඊයේ ලැබුණු නඩු තීන්දුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීරණය කළා.

කෙසේවෙතත් මෙම තීන්දුව වෙනුවෙන් ඇප ඉල්ලුම් කිරීමට සල්මන් ඛාන්ට හැකි බව මාධ්‍ය වාර්ථා වල සඳහන්.එසේම මෙම නඩු තීන්දුව ලබාදුන් ජෝද්පූර් අධිකරණයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී ඇත්තේ මෙම අධිකරණ තීන්දුවට එරෙහිව ජනතාව ප්‍රචණ්ඩකාරීව හැසිරේ යැයි ලැබුණු තොරතුරු මතයි.



No comments:

Post a Comment